See Also

Friday 19 June 2015

Megaa Hike - 01st Step Kalutara - Aluthgama කළුතර සිට අළුත්ගමට ගවේශන චාරිකාව

ලංකාව පුරා විවිධ තැන් වල යන ගොඩක් දෙනා නොහිතන අපූරු වැඩකට මුල් පියවර තියන්න තමයි මේ සූදානම..... ලංකාව පුරා යන අපි මෙච්චර කල් හිතුවෙ නෑ....
දූපතක් වන අපේ රටේ වෙරළ දිගේ රට වටේම යන්න........
හැමදාමත් මාසෙකට දෙකකට සැරයක් රටේ කොහේ හරි අස්සක මුල්ලක ඇවිදින මට ළඟදි ලංකාව වටේ යන්න අදහසක් ආවා.... ලංකාව වටේ වෙරළ තීරයට සමීපයෙන් ප්‍රධාන මාර්ගයෙන් හෝ අතුරු මාර්ග වලින් දිගින් දිගටම යන මේ ගමනෙදි වෙරළ මායිමේ තියෙන පාරිසරික සුන්දරත්වය දෑසින් - තෙවැනි ඇසින් නරඹන - සටහන් කරන ගමන් සංස්කෘතිකමය අතින්- ඓතිහාසික අතින් - සමාජමය වශයෙන් වැදගත් තැන් ගණනාවක් ගැනත් අධ්‍යයනයට සූදානම්.....
රට වටේම වෙරළ දිගේ කිලෝමීටර 1600ක් විතර යන්න තියෙන මෙම වැඩසටහන පියවර ගණනාවකින් තමයි සම්පූර්ණ වෙන්නේ.... ඒ අනුව පළමු වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කළුතර සිට අළුත්ගමට.... ඒ ලබන ජූලි 25- 26 දවස් දෙකේදි.... 24දා හවස කළුතරට එකතු වන සහභාගී වන පිරිස සමඟ රාත්‍රී නඟර සංචාරයකුත් සැළසුම් කරලා තියෙනවා..... 25දා අළුයම 6ට ඇරඹෙන අපේ වැඩසටහන එදින සවස් වන විට බේරුවල දක්වා ළඟා වෙනවා....එදින රාත්‍රිය බේරුවල ගත කරන අපි පසුවදා අළුත්ගම දක්වා ගමන් කරනවා.... අළුත්ගමින් සවස 5ට විතර වැඩසටහන ඉවර කරලා ආපසු නිවෙස් කරා යනවා...
විනෝදය සමඟ බැඳෙන බොහෝ සංචාර වලට සාපේක්ෂව මේ වැඩසටහන හොඳ අධ්‍යයන චාරිකාවක්.... ඒත් මේ තුළත් විනෝදය - රස වින්දනය සමඟ නැවුම් අත්දැකීම් රැසක් ලැබෙන විදියට තමයි සංවිධානය වෙන්නේ.... නිකම්ම නිකම් වෙරළ දිගේ යනවට අමතරව කළුගඟේ සහ කැළිඩෝ වෙරළ ආශ්‍රිත ආරක්ෂීත බෝට්ටු සවාරි - ප්‍රදීපාගාරයක පැය කිහිපයක් ගත කරන්නට අවස්ථාව වගේම පුංචි දූපතක පැයක් විතර කාලයක් ගෙවා දමන්නත් සැළසුම් කරලා තියෙනවා......
ඒවගේම තනිවම යන සංචාරයකදී කවදාවත් අත්විඳීමට නොලැබෙන බොහෝ දේ දැකගැනීමටත් මේ වැඩසටහන සමඟ සම්බන්ධ වන ඔබට අවස්ථාව ලැබෙනවා...
පොළොන්නරුවේ රජකළ විජයබාහු රජු බේරුවල පෙරියමරික්කාර්ට ලබාදුන් තඹ සන්නස පවා මෙම වැඩසටහනට සහභාගී වන ඔබට දැක බලාගන්න ලැබෙනවා...
ඒ විතරක් නොවෙයි අපි පොඩි කාලයේ වරදක් කරපුවහම අම්මලා අපිව යවන්න හදපු මග්ගොන “විසේන්ති ළමා නිවාසය“ ටත් , පයාගල කල්වාරි කන්ද නඟින්නත් අපි යනවා.... ඒ වගේම ලාච්චු විදියට හදපු අපූරු සොහොනක් මග්ගොන තියෙනවා.... අපි ඒකත් බලනවා.....

මේ සියල්ල අදාළ අංශ වල අවසරය සහිතව සංවිධානය කෙරෙන අතර බෝට්ටු සවාරි වලදී අවශ්‍ය ආරක්ෂිත පියවරයන්ද අනුගමනය කිරීම සිදු වෙනවා..... කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය - සහ පළාත් පාළන ආයතන සමඟ සම්බන්ධ වෙමින් සංවිධානය කෙරෙන මෙම වැඩසටහන මායා ක්‍රියේෂන්ස් ආයතනයේ මැදිහත්වීම මත වීඩියෝ වැඩසටහනක් බවටත් පරිවර්තනය වෙනවා.....
දොළොස් දෙනෙකුට උපරිමව පහසුකම් සංවිධානය වන මේ වැඩසටහනෙදි කෑම, නවාතැන් හා ගමනාගමන පහසුකම්( වෑන් රථයක් සහ බෝට්ටු සවාරි) පෙර සැළසුම් කෙරෙනවා.... පැමිණෙන හැමෝටම වැඩසටහනේ වීඩියෝ තැටියකුත් ලැබෙනවා.... මේ සියළු වියදම් සමඟ සම්පූර්ණ වැය වීම රුපියල් 4200/-කට සීමා වේවි. ඒ දොළොස්දෙනකු සහභාගී වේ යැයි සළකා බලා.... ඔබත් යන්න කැමැති නම්  හැකි ඉක්මනින් අපේ ඉවෙන්ට් පිටුවට ගොස් සටහනක් තබන්න.
හැමදාමත් යන චාරිකා වලින් ටිකක් වෙනස් මේ ගමනට ඔබත් එනවා නම් මම කැමැතියි.....වැඩි විස්තර දැනගන්න 076-6642607 අංකයට කතා කරන්න. නැත්නම් කෙළින්ම මේ සම්බන්ධ පිටුවට යන්න. 

අඹේවෙල - ඉදල්ගස්හින්න දුම්රිය මාර්ග චාරිකාව Ambewela- Idalgashinna Rail Hike

 සති ගණනක් පුරා කොළඹ වැසියන්ගේ ගතට වෙහෙස ගෙන දුන් දැඩි අව් රශ්මිය පහවෙලා ගිහින් වැහි වැටෙන්න පටන් අරන්..මාසයක විතර ඉඳලා කරපු සැලසුම වතුරෙ ගහගෙන යන්න නොදී මොර සූරන වැස්සට යටින්  ගමනට නියමිත හැම දෙනාම මරදාන දුම්රිය පොළට ආවේ රාත්‍රී තැපැල් දුම්රිය අල්ලගන්න. සිකුරාදා දවස ටිකක් විතර සෙනඟ වැඩි දවසක් වුණත් දුම්රිය නවත්තන මොහොත වන විට ගොඩක් දෙනා දුම්රියට ගොඩ වෙන්න තෙරපුණේ නැත්තේ නොනවතින වැස්ස බොහෝ දෙනාගේ කටයුතු අඩාල කරලා තිබ්බ නිසා වෙන්න ඇති. විනාඩි දහයක පහළොවක පමාවෙන් පස්සේ  කිටි කිටියේ තදවෙන්න තරමට  දුම්රියට නැඟුණු පිරිසත් සමඟ බදුල්ල ට යන දුම්රියේ ඉදිරියට ඇදුණු අපි යළි යළි ඇහැරෙන කුක්කුට නිද්‍රාවන් කිහිපයක සුවයකින් පස්සේ අළුයම පහ විතර වෙද්දි අඹේවෙලට ළඟාවුණා..... දුම්රිය ස්ථානාධිපතිතුමාගේ අවසරයෙන් විවේක කාමරයට වෙලා බිමට එළිය වැටෙනකම් ගතකරපු අපි උදේ හයට විතර දවසේ වැඩ ආරම්භ කළා. 


සම්පූර්ණ ලිපියට මෙතැනින් යන්න. 


කොළඹ සිට අඹේවෙලට... අඹේවෙල සිට පාගමනින් පට්ටිපොලට