See Also

Sunday 2 August 2015

MegaaHike - රජ මාවත දිගේ අවාරේ සිරිපාදේ යමු

ලංකාව තුළ ජීවත්වෙන සැම ආගමිකයෙක්ම තමන්ගේ ආගම හෝ ජාතිය බාධාවක් කර නොගෙන දුෂ්කර කඳු නැඟීමකින් ළඟාවෙන සුන්දර වන්දනා බිමක් තමයි ශ්‍රිපාදය. අතීත රජ සමයේ පටන්ම ශ්‍රි පාදය ලාංකිකයින්ගේ වන්දනාවට, ගරු බුහුමනට ලක් වුණා. ආගමික වැදැගත්කමට අමතරව අනර්ඝ පාරිසරික වැදැගත්කමකුත් සිරිපාදයට තියෙනවා.... අක්කර දහස් ගණනක් පළාත් දෙකක්, දිස්ත්‍රික් තුනක් පුරා පැතිරෙන රක්ෂිත වැසි වනාන්තරය, පරිසරය විසින් ගිලගත් ගිලීමලේ, මුක්කුවත්ත, එරත්න, සිරිපාගම වගේ මිනිස් වාස, කළු, කැළණි, වලවේ වගේ ලංකාවේ ප්‍රධාන ගංගා කිහිපයක ඇරඹුම සිද්ධවෙන මේ අසිරිමත් භූමිය.... අවුරුද්දේ මාස හයක් පුරාවටම පාළුවට යනවා.... අතීත යේ සිටම ඇතිකරගත් වාරණයක් මඟින් ඒ කාලය සිරිපා බිමට අවාරය උදා කරනවා.... ඒත් වැස්සෙන් සහ සුළඟින් සිරිපා බිම නැවුම් වන  මේ අවාරය තිස්තුන්කෝටියක් දෙවිවරු අතරින් දහස් ගණනක් වන සම්‍යදෘෂ්ඨික දෙවියන්ගේත්, නිස්කලංකභාවයට රුචි බුදු සසනේ සිව් වනක් පිරිසෙන් කොටසකගේත්, පාරිසරික සුන්දරත්වය විඳින සංචාරකයින්ගේත්  පාදස්පර්ශයෙන් සමන්විතයි. 

ටිකක් වෙනස් ආරක ගවේශන සංචාර සිදුකරන MegaaHike කණ්ඩායමේ අපිත් මේ අවාරයේ පාරිසරික සුන්දරකත්වය විඳින අතරතුර සිරිපා සිරිත ගැන තොරතුරු ගවේශනය කරන්නත් හිතාගෙන 2015 අගෝස්තු මාසෙ 28-29-30 කියන දවස් තුනේ අවාරයේ සිරිපා වන්දනාවක යෙදෙන්න බලාපොරොත්තු වෙනවා. මේ චාරිකාව සංස්කෘතිය අතික්‍රමණය කරණය කරන්නට දරණ උත්සාහයක් වත් සිරිපා බිම හා බැඳුනු හාස්කම් ගැන අවතක්සේරු කරන උත්සාහයක් වත් නොවෙයි. ඒ බිම හා බැඳුණු අතීත ශ්‍රී විභූතිය ගැන සැඟවී යන තොරතුරු ගවේශනය කරන  නොදන්නා තොරතුරු මතුකෙරන අපූරු චාරිකාවක්.... 

2015 අගෝස්තු 28 දා උදේ 8ට කොළඹ කොටුවෙන් ඇරඹෙන මේ ගමනෙ පළමු නවාතැන වෙන්නේ රත්නපුර මහ සමන් දෙවොල. වැඩසටහන සඳහා අවශ්‍ය දේවාශිර්වාදය ලබාගන්නා අපි සමන් දෙවියන් වෙනුවෙන් පූජාවකුත් පවත්වලා දහවල් 2 විතර වෙද්දි පලාබද්දලට යන්න තමා බලාපොරොත්තුව. එදා සවස් වරුව ගමේ වැදගත් තැන් වල විස්තර විමසන අපි පසුවදා 29දා  පාන්දර පළාබද්දල රජමාවත දිගේ සිරිපා කරුණාව ආරම්භ කරනවා... එදා සවස මළුවට ළඟාවෙන අපි සුදුසු තැනක නවාතැන් අරගෙන 30දා උදේ ඉර පායන හැටි උඩමළුවේ ඉඳන්ම නරඹලා  පහළ බහින්න පටන්ගන්නවා... එදා රාත්‍රීයේ කොළඹට ඇවිත් අපේ වැඩසටහන අවසන් කෙරෙනවා..... 

ගමනෙදි කොළඹ සිට ගමන් පහසුකම් - පුදපූජා - මඟපෙන්වීම්- ආහාර පාන සහ නවාතැන් සියල්ල සැළැසුම් වෙනවා... 29 පෝදා නවාතැන් නම් අවස්ථානුකූලව සපයා ගන්න වෙනවා. සම්පූර්ණ ගවේශන වැඩසටහන ට අදාළව වීඩියෝ තැටියක් නිර්මාණය වෙනවා. ඡායාරූප සියයක ගොනුවකුත් නිර්මාණය වෙනවා. ඊට අමතරව වර්ශාවේදි බාධා නොවෙන විශේෂ විනිවිද පෙනෙන වැසි ආවරනයකුත් සපයන්න බලාපොරොත්තු වෙනවා...මේ හැම දෙයක්ම වෙනුවෙන් උපරිමය රුපියල් 4000/= විතර එක් අයෙක්ගෙන් වැය වේවි කියා අනුමාන කරනවා. 

ඒ ගනණය කිරීම් සකසා ඇත්තේ දොළොස්දෙනකු සහභාගී වේ යැයි සළකා බලා.... ඔබත් යන්න කැමැති නම්  හැකි ඉක්මනින් අපේ ඉවෙන්ට් පිටුවට ගොස් සටහනක් තබන්න. හැමදාමත් යන චාරිකා වලින් ටිකක් වෙනස් මේ ගමනට ඔබත් එනවා නම් මම කැමැතියි.....වැඩි විස්තර දැනගන්න 076-6642607 අංකයට කතා කරන්න. නැත්නම් කෙළින්ම  මේ සම්බන්ධ පිටුවට යන්න.