See Also

Saturday 18 July 2015

ලංකාවේ උසම දුම්රියපොළ අතර පාගමනින් සංචාරයක -02 කොටස

උදේ 4ට පට්ටිපොළට ළඟාවෙන කොළඹින් බදුල්ලට යන රාත්‍රී තැපැල් දුම්රියට පසු යළිත් බදුල්ල දෙසට ධාවනය වන ප්‍රථම දුම්රිය  පට්ටිපොළට ළඟාවෙන මොහොතෙම තමා පාගමනින් ආව අපිත් පට්ටිපොළ දුම්රිය වේදිකාවට ගොඩවුණේ.... සාමාන්‍යෙයන් උදේ 10.15ට පට්ටිපොළට ළඟාවන දුම්රිය මෙදා ඊට පැයකට පස්සේ තමයි පට්ටිපොළට ළඟාවුණේ... ඒ නිසා සාමාන්‍යෙයන් ඔහියෙන් එකිනෙක මාරුවන කොළඹට යන පොඩිමැණිකේ දුම්රිය මෙදා පට්ටිපොළෙන්  එකිනෙකා මාරුවෙන්නට නියමිතව තිබුණා.... සංඥා සහ මාර්ග ගත කිරීම් නිවැරදිදැයි බැලීමට එහි දුම්රිය ස්ථානාධිපතිවරයා වේදිකාවට ඇවිත් හිටියා.... පසුගිය ලිපියේ අවසානයට දක්වා තිබුණු දුම්රියපොළේ කළබලකාරීත්වයට හේතුව ඒක තමා....පළමුවෙන් පැමිණි 1132 දුම්රිය එදා අමුණලා තිබුනේ අංක 788 දරණ එන්ජිමට.... තෙල් ටැංකි තුනක් බඩුපෙට්ටියක්..  සහ සාමාන්‍ය මඟී මැදිරි තුනක් අමුණගෙන ආව දුම්රිය එදා දෙවැනි වේදිකාවට තමයි යොමු කෙරුණේ...  නානුඔයෙන් පස්සේ මෙම මාර්ගයේ දුම්රිය ස්ථානවල එක් වේදිකාවක් පමණක් තිබෙද්දි පට්ටිපොළ විතරක් වේදිකා දෙකක් තිබුණා...එහෙම වුණේ පසුකාලීනව මෙහෙයුම් කටයුතු සඳහා ඉදිකළ තාවකාළික පස් ගොඩැල්ල වේදිකාවක් බවට පරිවර්තනය වීම නිසා.... තහවුරු කළ ආරංචි පවසන්නේ මෙම වේදිකාව පසුගිය වසර 20 ඇතුළත  ඉදිවූ එකක් බවයි. 1132 දුම්රියෙන් මඟින් 25ක් පමණ බැස ගිය අතර දහයකට අඩු පිරිසක් ගොඩවුණා... උඩරට මැණිකේ දුම්රියට විදේශිකයින් ඇතුළු පහළොවක පමණ පිරිසක් ගොඩවෙද්දි ඒ හා සමාන පිරිසක් බැස ගියා....


    ලෝකයේ විවිධ රටවල දුම්රිය සේවා ක්‍රියාත්මක වනවා... මේ රටවල දුම්රිය මාර්ගයේ පීළි අතර අභ්‍යන්තර පරතරය එකිනෙකට වෙනස්....  1864 දි ලංකාවේ දුම්රිය මාර්ගය ඉදිවන්නේ එවකට ඉන්දියානු දුම්රිය මාර්ග 
සඳහා සම්මත අගය ලෙස සැලැකූ  පළල අඩි 5කුත් අඟල් 6ක් ලෙසටමයි.  එම පීළි අතර පරතරයේ සම්මතය Indian Board Guage ලෙස හඳුන්වනවා.... මෙයට අමතරව අඩි 2 අගල් 6 ක් පරතරය තියෙන පටු මාර්ගය කුත්  අපේ රටේ අතීතයේ ක්‍රියාත්මක වුණා.... ඒ කැළණිවැලි, සබරගමු සහ උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ග වල....එය  762mm Narrow Guage නමින් තමයි හැඳින්වූවේ.   Indian Board Guage දුම්රිය මාර්ග ක්‍රියාත්මක වන ලෝකයේ උසම දුම්රිය මාර්ගය තියෙන්නේ ලංකාවේ.... ඒ අනුව Indian Board Guage මාර්ගයක පිහිටා ඇති ලෝකයේ උසම දුම්රියපොළ තමයි පට්ටිපොල. ලංකාවේ ඉහළින්ම පිහිටි දුම්රියපොළ අතර පාගමන් චාරිකාවක යෙදුනු MegaaHike පිරිවරේ චාරිකා සටහන අද ඇරඹෙන්නේ එවන් සුවිශේෂ වටිනාකම් තියෙන පට්ටිපොළ දුම්රියපොළෙන් ඉදිරියට ඔහිය බලා ගිය  ගමනේ  තොරතුරුත් එක්ක..... 

සම්පූර්ණ ලිපියට මෙතැනට යන්න.